Monday, September 26, 2016

සද්ගුණවත් දොස්තර වරු

දොස්තර ල වුනාම මනුස්සකම තියෙන්නට ඕනි.. මට පේන්නම බැරි වචන වලින් එකක් තමයි මනුස්සකම කියන්නේ..ඕනි ජඩ වැඩක් පල් වැඩක් කරලා හිනාවෙවි යන්න මිනිස්සු මේ මනුස්සකම කියන වචනය පාවිච්චි කරනවා..ඉන්න කාලේ මොකුත්ම නොකර ඉදලා චන්දෙ කාලේ කිට්ටු වුනාම සුදු රෙදි හොරුන්ගේ මනුස්සකම් ගැන පෝස්ටර් වල දකින්නට ලැබෙනවා. ඒ වගේම කවුරුහරි අපතයෙක් ගැන වර්ණනාවක් දෙද්දී ඌ ගැන කියන්න මෙලෝම දෙයක් ඉතුරු වෙලා නැත්තං ආන්න ඌට උතුරා යන මනුස්සකමක් තියෙනවා කියනවා..මොකෝ නෑ කියන්නයැ.. මනුස්සකම මනින්න බෑනෙ .. ඒ නිසා හැම එකාටම ඕක තියනවා කියල ගන්න පුලුවන්..ඒ වගේම මොක්ක හරි මරි වැඩක් මාට්ටු වුනොත්.අ.පි ‍ ඔක්කොම මනුස්සයො නේ..පොඩ්ඩක් මනුස්සකමට සලකලා බලන්න කියල විලි ලැජ්ජ නැතුව සමාව ඉල්ලන්නත් ඒ නිසා හැකියාව ලැබෙනවා. 

දොස්තර වරුන් ගාව තියෙන්න ඕනි මනුස්සකම හැදිච්චකම වගේ මාකටින් වචන නෙමෙයි ආචාර ධර්ම කියන ජාතිය. දොස්තරයෙක් කියන්නේ කරුණාවෙන් ලෙඩුන්ට සලකන්න බැඳිලා ඉන්න කෙනෙක්. ඒ කරුණාව හිනාවේ කතාවේ විතරක් නෙමෙයි..මිනිහාගේ චරියාවෙත් තියෙන්නට ඕනි.. දොස්තර කියන චරිතය ඇගට විතරක් බෙහෙත් කරන මැසිමක් නෙමෙයි..රෝගියාගේ මානසික සමාජිය ගැටලු ආදිය ගැනත් යම්කිසි සංවේදී තාවයක් දොස්තරට තියෙන්නට ඕනි..නැත්නම් රෝගය වටහාගන්නත් රෝගයට ප්‍රතිකාර කරන්නටත් සාර්ථක හැකියාවක් දොස්තර මහත්තයට ලැබෙන් නෑ.. 


දෙවන ලෝක යුද්ද කාලේ හිම්ලර් යටතේ හිටිය දොස්තර මහත්වරු ඇතැමෙක් ඉතාම නරක විදියට මිනිසුන්ට හිංසා කලා.. මිනිසුන්ව පෙලා තලා දැම්මා..නමුත් ඔවුන් ඉගෙන ගෙන තිබෙන්නේ රෝගීන් සුවපත් කරන්නට. අවසානේ වෙන්නේ මොකද්ද එයාල ලෙඩුන්ට විතරක් නෙමෙයි සාමාන්‍ය ජනතාවටත් දැඩි ලෙස හිංසා පීඩා කරනවා. 


පහුගිය දවසක කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍යයකු තමා පාඩම් කරන කුටිය තුලම මිය පරලොව ගියා. ඔහු සිය සිරුරට සේලයින් අධික ලෙස ඇතුලත්  කරගෙන තමයි මිය පරළොව ගියේ. ඉන් අනතුරුව ඔහු ගේ දෙමාපියන්ට දන්වලා යවන්න වෛද්‍ය සිසුන් ක්‍රියාකරල තිබුනා. විදුහල්පතිවරයෙකු වුනු ඒ මියගිය සිසුවාගේ පියා ..මිනිය බලන්න ඇවිත් අහපු මුල්ම ප්‍රශ්ණය " කොහෙන්ද අඩුවටම මිනිය හදාගන්න පුලුවන් ?" කියන ප්‍රශ්ණය..ඒ අවස්ථාවේ සිය මියගිය පුතා දැකීමෙන් කිසිම තැතිගැන්මකට ලක් නොවූ පියා මියගිය සිසුවා දෙස බලා තිබුනේ සිය පවුලට දැඩි අවමානයක් කල පුතෙකු ගැන බලන ආකාරයෙන්.. 

සිය දිවි හානිකරගැන්ම වරදක්..මිය ගිය අය ලොකු කරන් දගලන එකත් හොද නෑ,. ස්වභාවිකවම සිය පුතා කෙරෙහි පියානන් කෙරේ එන කිසිදු හැගීමක් ඒ පියාගේ තිබිල නෑ කියල තමයි ඒ සිදුවීම බලාගෙන හිටපු වෛද්‍ය සිසුන් කියලා තියෙන්නේ. 

ඒ සිසුවා දෙවරක් අවසන් විභාග අසමත්. තුන්වෙනි වර අසමත් නම් ඔහු ගෙදර. ඒ සිසුවා යම් මානසික ආබාධයකින් පෙලී බෙහෙත් ගන්නට යොමුවුන අයෙක්..හුදකලාව ප්‍රිය කල ඔහු අනෙක් සිසුන්ට හැකි පමණ පාඩම් වැඩ වලදීත් උධව් කර තිබෙනවා. අපේ වෛද්‍ය අධ්‍යාපන පද්ධතිය කොච්චර දුර්වලද කියලා ඔබට යම්කිසි අවබෝධයක් ගන්න පුලුවනි ඒ සිදුවීම ගැන සිතුවොත්..වෛද්‍යවරයෙකු වන්නට ඉගෙන ගන්න සිසුවා දැඩි තරඟය සහ අපාසු විබාග නිසා  මානිසක රෝගියෙක් වෙලා..ඒක උත්සන්න වෙලා.. සියදිවිත් හානිකරගෙන ගඳ ගහන අවස්ථාවේ තමයි අනෙක් සහෝදර සිසුන්ට ඔහුව හමුවන්නේ..ඉතිං මේ අහිංසක අපි ඔය බිහිවෙන සංවේදී දොස්තර මහත්වරුන්ගෙන් තමයි අනාගෙතේ බෙහෙත් ගන්නේ. 

ලංකාවේ දොස්තර ලා විදියට තෝරගන්නේ උසස් පෙල වැඩිම ලකුනු ‍තියෙන අය. මේ විබාග ක්‍රමයෙන් වැඩිම ලකුනු ගන්නේ කවුද? කිසිම බාහිර වැඩක් නැතුව ගොඩාක් පාඩම් කරන අයට,  ස්ටඩි වල දැඩිව නිරත වෙලා ඉන්න අයට වැඩිම ලකුනු ගන්න ලොකු හැකියාවක් තියෙනවා. එතිනින් පස්සේ වෛද්‍ය විධ්‍යාල තුලත් හොදට ඉගෙන ගන්න විභාග වලින් වැඩි ලකුනු ගන්න අයට තමයි හොද ලොකු දොස්තරයෙක් වෙන්න පුලුවන් වෙන්නේ.. 

ඒ අතරමැද කිසිම තැනකදී මේ සිසුන් කරුණාවන්තද? සිසුන් ඇත්තටම දෛාස්තර මහත්තයෙකු කරන්න සුදුසුද? රෝගියාගේ මනසට සුවයක් දෙන්න මෙයාට පුලුවන්ද? කියල අපි හොයනෝද?   මේ මස් කඩේකටවත් නුසුදුසු ඒ ලෙවල් විතරක් සුපිරියටම පාස්වුන එකාව දොස්තර ල කලාම මොකෝ වෙන්නේ  කියල සමාජය හිතන්නේ නෑ...බලන එකම සුපරි සුදුසුකම ඒ ලෙවල් වැඩිම ලකුනු විතරයි.. අනික්වා බලන්නත් අමාරුයි මේ තියෙන බලුපොරේ ඇනුව.. 

අපි දොස්තරයෙක් බිහි කරන කොට කරුණාව, ආදරය, ආචාර ධර්ම කිසිම දෙයක් ගැන වැඩි තැකීමක් නෑ.. අවසානෙ නිකුත් වෙන දොස්තරලා කියන්නේ ඕපපාතික නෙමෙයි නේ..කාලයක් තිස්සේ දීර්ඝ විභාග ගනනාවකට දැඩි ආතතියක් යටතේ මුහුන දෙන පිරිසක්.ඔවුන් එලියේදී  වඩාත් කරුණාවන්ත සානුකම්පිත සමාජය ගැන සෙනෙහසින් තීරණ ගන්න පිරිසක් වේවිද? නෑනෙව. 

මං හිතන්නේ වෛද්‍යවරුන් කියන විකෘතිය ගැන සුලු අවබෝධයක් ඔබට එන්නට ඇති. අපි මේක වෙනස් කරන්න නම් අපේ බලුපොරයක් වැනි අද්‍යාපනය ක්‍රමය දියුනු රටවල වගේ ‍ දියුනු පද්ධතියකට යටත් කරන්නට ඕනි.. එහෙම කලොත් යාන්තං හරි සුලු බලාපොරොත්තුවක් හරි තියන්න පුලුවන් අනාගත වෘත්තිකයින් සම්බන්ධයෙන්.. නැත්නම් තව තවත් හඹායන තව තවත් පුද්ගලික ඉලක්ක කරා ඇදෙන පිරිසක් හැර... පුලුල්ව සිතන වෘත්තිකයන් නම් ඉස්සරහට රටේ බිහිවන එකක් නෑ. 


http://ansathudinapotha.blogspot.com/

No comments:

Post a Comment