Thursday, March 29, 2012

විහඟ ආදරය -පී.බී.අල්විස් පෙරේරා

විහඟ ආදරය
පී.බී.අල්විස්.පෙරේරා මහතා කොළඹ යුගයේ දෙවන කවි පරපුරට අයත් දක්ෂ කවියෙකි.සොබාදහම,ඉරුණු කොඩිය,උක්දඬුදුන්න,රන්තලිය යනු මොහුගේ පදය සංග්‍රහ කිහිපයකි.ඔහු ළමා පද්‍ය රචනා පිළිබඳ ව ද ප්‍රසිද්ධියක් දැරූ කවියෙකි."විහඟ ආදරය" එතුමාගේ නිර්මාණයකි.


පොඩි තුඩු දොඩම් කටු මෙනි හී විදිල්ලෙකි
නෙත් අබ වගෙයි පා පොල් කෙඳි තොටිල්ලකි
පෙඳ වට පියාපත් දේදුනු වළල්ලකි
හේ පැණි කුරුල්ලෙකි ඕ පැණි කිරිල්ලකි

දුව පැන ඉගිලි ගම මුළුල්ලෙහි
යන්තම් පැපොල් පාළුවක් වැනි කැදැල්ලෙහි
රෑ ගත කරන නිතරම එක තුරුල්ලෙහි
මොහු කල් ගෙවති පෙම් ලොව මිණි කැදැල්ලෙහි

කඳු මත ගැඹුරු මිටියාවත ලදලු වැවී
මායා සිහින නිල පාටින් සුවඳ කැවි
පිබිදෙති වසන්තය දැක ඕ උමතු නොවී
ගී ගැයුවාය සිය සැමියා ළගට වේවි

දහවල විඩා පත් වී නිල පඳුරු පිට 
සිය රසවතා සමගින් කල ගෙවන විට
ඕ තටු අතර නො තබා මල් කැකුළු හොට
සඟවන්නි ය සැමියා අත්තටුව යට

Tuesday, March 27, 2012

වැස්ස - එච්.එම්.කුඩලිගම

වැස්ස


අහසේ වලාකුළු හා තරගයක යෙදී
තොටියා ඔරුව ආපසු තොටුපලට පදී
දියවල බිදී දෙන රාවය දෙකට බෙදී
හබලේ ගැබුරු හඩ සමග ම ගොඩට වදී

පදමට වෙරළු මිණිකැට සුනු විසුළ හැඩ 
ජෝතිය ලැගුම් ගත් ළා තණපිටිය උඩ
නැහැ පුඩු මහත් කොට මී ගොන් මුළුව නැඩ
කිමිදෙති නැවුම් පුස්බෙහි වෙල් කුඹුරු බඩ

Binary toys - නිකන් තියෙන ඩෙස්ක්ටොප් එක සෙල්ලම්බඩුවක් කර ගන්න



                                  

 අද මම ඔයාලට හදුන්වල දෙන්න යන්නේ නිකන් තියෙන ඔයාලගේ desktop එකට පොඩි සෙල්ලම් බඩුවක් දාගන්න හැටි.
screenshot