Wednesday, February 1, 2017

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රථම ජනපති ධුර සතිය

නොසිතූ ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රථම පුරවැසියා වීමේ වරම් හිමි කර ගත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම ධුරයේ වැඩ භාරගැනීමෙන් පසු ගෙවුණ පළමුවන සතිය තුලදීම සමස්ථ ලෝකයේම අවධානය තමන් වෙත නතුකර ගැනීමට සමත්ව සිටිනවා. ඒ ඔහු විසින් ගන්නා ලද ආන්දෝලනාත්මක තීරණ කිහිපයක් නිසා.
ඒ අතරින් රටවල් 6ක ජනතාවට ඇමරිකා එක්සත් ජනපදය තුළට ඇතුළු වීමට අවසර නොදෙන ලෙස ඔහු විසින් ගත් තීරණය කැපී පෙනනවා. මේ නිසාම අදවන විට ඇමරිකා එක්සත් ජනපදය තුළ පවතින්නේත් නොසන්සුන්කාරී තත්වයක්. එම තීරණය පිළිබඳ මෙන්ම ට්‍රම්ප් ජනපති ධුරයේ වැඩ බාර ගැනීමෙන් ගෙවුන ප්‍රථම සතිය තුළ ඔහු විසින් ගන්නා ලද තීරණ මොනවාද යන්න පිළිබඳ ඔබව දැනුවත් කිරීමේ අරමුණ ඇතිවයි මේ ලිපිය ලියැවෙන්නේ.
ට්‍රම්ප්ගේ ප්‍රථම කාර්යයාල සතිය තුළ සිදු වූ දෑ ගැන කතා කිරීමට පෙර මැතිවරණ සමයේදී ඔහු විසින් ලබා දුන් පොරොන්දු පිළිබඳ මතකය අළුත් කරගැනීම වැදගත් කියා අප සිතනවා.

මැතිවරණ පොරොන්දු


ට්‍රම්ප් මැතිවරණ වේදිකාවේදී/New Europe

Monday, October 3, 2016

සැත්කමෙන් පසු නාමල් කළ වැඩේ..! අම්මා සමග ගහපු සෙල්ෆිය මෙන්න (PHOTO)

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉකුත් 01දා හදිසි අනතුරකට ලක්වීම හේතුවෙන් රෝහල්ගත කෙරුණා. හිසේ ඇතිවූ තුවාලයට සැත්කමක් කළ බවයි වාර්තා වුණේ.
සැත්කමෙන් අනතුරුව රෝහලෙන් පිටව ගිය නාමල් තම මව සමග තංගල්ල මුහුදු වෙරළේ පැවති ළමුන්ගේ උත්සවයකට සහභාගී වූ අයුරුයිමේ.
image

උතුරේ ගිණි අවුලන විග්නේශ්වරන්ගේ ‘පුතා’ ඉරාජ් සමග කළ මියුසික් වීඩියෝව

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් ‘එළුග තමිල්’ විරෝධතා වැඩසටහන සමගින් ජාතිවාදය වපුරන බවට දැඩි මතයක් ගොඩනැගෙමින් තිබෙනවා.
එවැනි මතයක් ගොඩනැගෙන අතරේ ගායන ශිල්පී ඉරාජ් දැනට පැය කිහිපයකට පෙර සියේ ෆේස්බුක් පිටුවට අදහසක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ සී.වී.විග්නේශ්වරන්ගේ පොඩි පුතා තමන්ගේ පළමු මියුසික් වීඩියෝව සඳහා දායකවූ බවයි.
ඔහුගේ සටහන සහ මියුසික් වීඩියෝව පහතින් දැක්වෙනවා.

Wednesday, September 28, 2016

බුද්ධ ධර්මය

බුද්ධ ධර්මය


චතුරාර්ය සත්‍ය
1. දුක (දු:ඛාර්ය සත්‍ය)
2. දුක හටගැනීමේ හේතුව (දු:ඛ සමුදයාර්ය සත්‍ය)
3. දුක නැති කිරීම (දු:ඛ නිරෝධාර්ය සත්‍ය)
4. දුක නැති කිරීමේ මඟ (දු:ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාර්ය සත්‍යය)

ආර්ය අෂ්ටාංගික මාර්ගය

1. සම්මා දිට්ඨි
(යහපත් දැකීම)
2. සම්මා සංකප්ප
(යහපත් කල්පනාව)
3. සම්මා වාචා
(නිවැරදි වචනය)
4. සම්මා කම්මන්ත
(නිවැරදි කර්මාන්තය)
5. සම්මා ආජීව
(නිවැරදි දිවි පැවැත්ම)
6. සම්මා වායාම
(යහපත් වෑයම)
7. සම්මා සති
(නිවැරදි සිහිය)
8. සම්මා සමාධි
(සිත නිවැරදිව එකඟ කර ගැනීම)





දස පාරමිතා

1. දානය
6. ක්ෂාන්තිය
2. ශීලය
7. සත්‍යය
3. නෙක්ඛම්ම
8. අධිෂ්ඨානය
4. ප්‍රඥාව
9. මෛත්‍රිය
5. වීර්යය
10. උපේක්ෂාව