Friday, December 21, 2012

Microsoft Cliplets - තෝරාගත් කොටස් පමණක් ඇනිමේට් කොට ඇති නිසල වීඩියෝ සාදන ආකාරය

Microsoft Cliplets


ධාවනය වන වීඩියෝවක තෝරගත් කොටස් පමණක් ක්‍රියාත්මක වෙන්නට හැර ඉතිරි ප්‍රදේශය නිසලව තැබිය හැකි තාක්ෂණයක් මෙතෙක් කිසිදු මෘදුකාංගයක නොතිබුණි.නමුත් දැන් එම තාක්ෂනය ඇති වැඩසටහනක් මයික්‍රොසොෆ්ට් සමාගමෙන් නොමිලේ ලබා දෙයි.මෙය හදුන්වන්නේ "Cliplets" කියාය.

Wednesday, June 20, 2012

ආවර්තිතා වගුව - Periodic Table

අවර්තිත වගුවේ H සිට Ca දක්වා මුලද්‍රව්‍ය 20 සහ ඒවායේ පරමාණුක ක්‍රමාංක හා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය



H සිට Ca දක්වා මුලද්‍රව්‍ය ඇතුලත් ආවර්තිත වගුව


Tuesday, April 3, 2012

වින්ඩෝස් 7හි DVD ධාවකය දර්ශනය නොවීම නිවැරිදි කර ගන්නා ආකාරය - 2



මා කලින් post එකේ කිව්ව ආකාරයට සිදු නොවුනේනම්,එනම් තවමත් DVD Drive එක නොපෙන්වයි නම්, නැවතත් ස්ටාට් මෙනුවට ගොස් සර්ච් ෆීල්ඩ් එකෙහි Disk Management යන්න ටයිප් කරන්න.ස්ටාට් මෙනුවෙහි දැක්වෙන ප්‍රතිපල ලයිස්තුවේ Create and format hard disk partitions යන ඔප්ෂන් එක ක්ලික් කරන්න.

වින්ඩෝස් 7හි DVD ධාවකය දර්ශනය නොවීම නිවැරිදි කර ගන්නා ආකාරය - 1

සාමාන්‍යයෙන් DVD Drive එක හිස් නම බොහෝවිට එය පෙන්වන්නේ නැත.එහෙත් එහි ඩිස්කයක් ඇත නම එය පෙන්විය යුතුය.
වින්ඩෝස් හි එසේ නොවේ නම් වින්ඩෝස් රෙජිස්ට්‍රිය සංස්කරණය කල යුතු වේ.

Thursday, March 29, 2012

විහඟ ආදරය -පී.බී.අල්විස් පෙරේරා

විහඟ ආදරය
පී.බී.අල්විස්.පෙරේරා මහතා කොළඹ යුගයේ දෙවන කවි පරපුරට අයත් දක්ෂ කවියෙකි.සොබාදහම,ඉරුණු කොඩිය,උක්දඬුදුන්න,රන්තලිය යනු මොහුගේ පදය සංග්‍රහ කිහිපයකි.ඔහු ළමා පද්‍ය රචනා පිළිබඳ ව ද ප්‍රසිද්ධියක් දැරූ කවියෙකි."විහඟ ආදරය" එතුමාගේ නිර්මාණයකි.


පොඩි තුඩු දොඩම් කටු මෙනි හී විදිල්ලෙකි
නෙත් අබ වගෙයි පා පොල් කෙඳි තොටිල්ලකි
පෙඳ වට පියාපත් දේදුනු වළල්ලකි
හේ පැණි කුරුල්ලෙකි ඕ පැණි කිරිල්ලකි

දුව පැන ඉගිලි ගම මුළුල්ලෙහි
යන්තම් පැපොල් පාළුවක් වැනි කැදැල්ලෙහි
රෑ ගත කරන නිතරම එක තුරුල්ලෙහි
මොහු කල් ගෙවති පෙම් ලොව මිණි කැදැල්ලෙහි

කඳු මත ගැඹුරු මිටියාවත ලදලු වැවී
මායා සිහින නිල පාටින් සුවඳ කැවි
පිබිදෙති වසන්තය දැක ඕ උමතු නොවී
ගී ගැයුවාය සිය සැමියා ළගට වේවි

දහවල විඩා පත් වී නිල පඳුරු පිට 
සිය රසවතා සමගින් කල ගෙවන විට
ඕ තටු අතර නො තබා මල් කැකුළු හොට
සඟවන්නි ය සැමියා අත්තටුව යට

Tuesday, March 27, 2012

වැස්ස - එච්.එම්.කුඩලිගම

වැස්ස


අහසේ වලාකුළු හා තරගයක යෙදී
තොටියා ඔරුව ආපසු තොටුපලට පදී
දියවල බිදී දෙන රාවය දෙකට බෙදී
හබලේ ගැබුරු හඩ සමග ම ගොඩට වදී

පදමට වෙරළු මිණිකැට සුනු විසුළ හැඩ 
ජෝතිය ලැගුම් ගත් ළා තණපිටිය උඩ
නැහැ පුඩු මහත් කොට මී ගොන් මුළුව නැඩ
කිමිදෙති නැවුම් පුස්බෙහි වෙල් කුඹුරු බඩ

Binary toys - නිකන් තියෙන ඩෙස්ක්ටොප් එක සෙල්ලම්බඩුවක් කර ගන්න



                                  

 අද මම ඔයාලට හදුන්වල දෙන්න යන්නේ නිකන් තියෙන ඔයාලගේ desktop එකට පොඩි සෙල්ලම් බඩුවක් දාගන්න හැටි.
screenshot