බෞද්ධ කොඩිය

ක්‍රි.ව. 1885 අප්‍රේල් 28 පැවති වෙසක් පුර පසළොස්වක පෝය උත්කර්ෂවත්ව සැමරීම සඳහා බෞද්ධ කොඩියක් එසවීමට තීරණය කොට කොළඹ මාලිගාකන්ද පිරිවෙන් භූමියේ දී මුල්වරට බෞද්ධ කොඩිය ඔසවන ලදී.
ෂඩ් වර්ණ බෞද්ධ කොඩිය නිර්මාණය සඳහා දායක වූ වෙසක් උත්සව කමිටුවට හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි හා මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි ද ඇතුලත් විය.
එහි දී සී.පී.ගුණවර්ධන ශූරීන් විසින් ඉදිරිපත් කළ නීල (නිල්), පීත (කහ), ලෝහිත(රතු), ඕදාත (සුදු), මාංජේෂ්ඨ (තැඹිලි) යන වර්ණ සංයෝග වී ප්‍රභාෂ්වර යන ෂඩ් වර්ණවලින් සමන්විත බුද්ධ රශ්මිය විදහාපාන ආකාරයට නිර්මාණය වූ සැලසුම අනුමත විය.
ක්‍රි.ව. 1886 දී ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව ෂඩ් වර්ණ බෞද්ධ කොඩිය සැකසන ලදී.
ක්‍රි.ව. 1951 සිට ශ්‍රී ලංකාවේ බෞද්ධ කොඩිය ලොව සියලුම බෞද්ධයන්ගේ ආගමික කොඩිය බවට පත් විය.
No comments:
Post a Comment