ඒ අවසන් ප්‍රතිඵලය 2009 මැයි මාසයේ දිනක නන්දිකඩාල් කලපුවේ දී කෙළවර වුනා. ඒ හමුදා මෙහෙයුමකින්. ඒ්කට මානුෂීය මෙහෙයුමක් කියලා කිවුවා. ඕනැම හමුදා මෙහෙයුමක් කියන්නෙ දේශපාලන ක්‍රියාවක්. දේශපාලනයේ දී ඇතැම් විට තීරණ ගන්නෙ ආයුධ යොදාගෙන. ඊනියා ලෝක යුද්ධවල දී තීරණ ගත්තෙ ආයුධවලින්. ඒවා දේශපාලන ක්‍රියා නො වේ ද? චර්චිල් යුද්ධයේ දී තීරණ ගත්තේ ආයුධ නැතිව ද? හමුදා නිලධාරීන් හා සෙබළුන් තමන්ගේ ඕනෑ කමට බැරැක්කවලින් එලියට එන්නේ නැහැ. ඔවුන්ට අණක් ඕන. ඒ අණ අවසාන වශයෙන් දෙන්නෙ දේශපාලනඥයකු වූ සේනාධිනායකයා. ජේ ආර්, ප්‍රේමදාස සේනාධිනායකයන් ඉන්දියාව ඉදිරියේ පසුබැස්සා. හමුදාව ආපසු බැරැක්කවලට යැවුවා. චන්ද්‍රිකා හා රනිල් ඊනියා සාම ගිවිසුම් මගින් බටහිරයන්ට අවශ්‍ය ආකාරයට ප්‍රභාකරන්ට තව තවත් සූදානම් වෙන්න අවස්ථාව ලබා දුන්නා. බටහිරයන්ටත් ඉන්දියාවටත් හිස නොනමා ප්‍රභාකරන් පරාජය කෙළේ මහින්දගේ අණින්, ගෝඨාභයගේ මග පෙන්වීමෙන්.
බටහිරයන්ට ප්‍රභාකරන් ගලවා ගැනීමට, යටත්කර වුවත් නිදහස් කර ගැනීමට, මොන තරම් අවශ්‍යතාවක් තිබුණා ද? ප්‍රභාකරන්ට තුන්වැනි පාර්ශ්වයකට භාර්වෙන්න ඉඩ දෙන්න කියලා බටහිරයන් මහින්දගෙන් ඉල්ලුවා. මේ ඉල්ලීමෙ ම තියෙනවා ප්‍රභාකරන්ගෙ බියගුළු බව. තමලිනීලා විශ්වාස කරලා නැහැ තමන්ට සයනයිඩ් කන්න කී ප්‍රභාකරන් යටත්වේවි කියලාවත් පැනලා යාවි කියලාවත්. ඒත් ප්‍රභාකරන් කියන බයගුල්ලා අනෙක් අයගේ ජීවිත බිල්ලට දීලා බටහිරයන්ගෙ ආධාරයෙන් යටත්වෙන්න හරි පැනලා යන්න හරි සූදානමෙන් ඉඳලා තියෙන බව පැහැදිලියි. බටහිරයන් සුදු කොඩි කතා කියන කොට ඉන් වෙන මොනවා නොකියැවුණත්, ඒ කතා බොරු වුනත්, කියැවෙන්නෙ ඇතැම් කොටි නායකයන්ගෙ බියගුළුබව හා ඔවුන් පාවාදීමට සූදානමින් සිටි බව. දෙමළ ජනයා ද, ඊනියා ලෝක පුරවැසි පඬියන් ද ඒ බව තේරුම් ගත යුතුයි. මහින්ද බටහිරයන්ට යටවුනෙ නැහැ. ප්‍රභාකරන්ට තුන්වැනි පාර්ශ්වයකට භාරවෙන්න ඉඩ දුන්නෙත් නැහැ. මහින්ද ඒ සියල්ල කෙළේ රටේ ස්වෛරීභාවය වෙනුවෙන් ලෝකයේ එකම සුපිරි බලවතාගේ ඉල්ලීම් සත පහකටවත් ගණන් නොගෙන. මහින්ද සිංහලයන්ගේ ඉතිහාසයෙහි ගැමුණු, විජයබා මට්ටමට එන්න සමත් වුනා. මහින්ද එතුමන්ලා මෙන් ම සතුරාට, හුදු ප්‍රභාකරන් කෙනකුට නොව බටහිර බලවේගවලට ද විරුද්ධ මෙහෙයුම ජයග්‍රහණයකින් නිමකළා.
බොහෝ ජාතිකවාදීන් එයින් සෑහීමකට පත්වුනේ නැහැ. ඔවුන්ට වුවමනා වූයේ නන්දිකඩාල් ජයග්‍රහණය නීති පොතට ඇතුල් කිරීමට. ප්‍රභාකරන් පැරදවීම යනු අවුරුදු සියයකට වැඩි දෙමළ ජාතිවාදයට දුන් විසඳුම. ඒ ජයග්‍රහණයත් සමග දෙමළ ජාතිවාදය දේශපාලනික ව පරාජය වුනා. ඒ ගැන තව තවත්් සාකච්ඡා අනවශ්‍යයයි. අවශ්‍ය ව තිබුණේ මේ දේශපාලන ජයග්‍රහණය නෛතික ව සටහන් කිරීම පමණයි. කළ යුතුව තිබුණේ දෙමළ ජාතිවාදයට දී තිබූ ඊනියා විසඳුම හෙවත් ඉන්දියාව ජේ ආර් මත බලයෙන් පැට වූ දහතුන්වැනි සංශෝධනය අවලංගු කිරීමයි. බොහෝ ජාතිකවාදීන් සිතන්නේ මහින්ද ඒ සඳහා කිසිවක් නොකළ බවයි.
එහෙත් එය සම්පුර්ණයෙන් ම වැරදියි. 2012 දී දහතුන බලරහිත කිරීමට කෙටුම්පත් පනතක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා. එහි දී ඩිව්, තිස්ස, වාසු, රාජිත ආදීන් එයට විරුද්ධව සටන්කර ජයග්‍රහණය කර තිබෙනවා. මේ පුහු වාමාංශික තර්ක අප අනන්තවත් පරාජය කර තිබුණා. මේ කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයෙන් ඔබ්බට නොගියේ ඇයි? ඩිව්ලා අද විග්නේස්වරන්ට විරුද්ධව බොරු වාමාංශීක කතා කියනවා. ඒත් ඩිව්ලා 2012 කෙටුම්පතට විරුද්ධ වීමෙන් විග්නේස්වරන්ට පණ දීලා තියෙනවා. ඡන්ද දාහක් නැති ඩිව් හා තිස්ස වැනි අය ඒකාබද්ධ විපක්‍ෂයෙන් ඉවත් කළ යුතුයි. ඔවුන් එවිට එක්කෝ දේශපාලන වශයෙන් නන්නත්තාර වේවි, නැත්නම් එ ජා පක්‍ෂයට යාවි. මහින්ද ඩිව්ලා අයින්කර පසුව ශ්‍රී ල නි පාක්‍ෂිකයන්ගේ පමණක් රැස්වීමක් කැඳවා තිබෙනවා. එහි දී ශ්‍රී ල නි පාක්‍ෂිකයන් කුමාර් රූපසිංහගේ ජනවේග කල්ලියේ රාජිතට යට වී තිබෙනවා. එයට ප්‍රධාන හේතුව මේ ශ්‍රී ල නි ප නායකයන් ද බොහෝ දෙනකු චන්ද්‍රිකා මෙන් ම මාක්ස්වාදය කටගාගත් රෝසපාට සමාජවාදීන් වීමයි. මොවුන් ශ්‍රී ල නි පක්‍ෂයට හිතවත් සාමාන්‍ය ජනතාවගේ සිතුම් පැතුම්වලින් බොහෝ දුරින් ඉන්නා අය. සරත් ෆොන්සේකා අත් අඩංගුවට ගැනීමේ වැදගත්කම නොතේරී මහින්දට එයට විරුද්ධව කරුණු කී අය. ශ්‍රී ල නි පාක්‍ෂිකයන්ගේ හා පොදු සිංහල ජනයාගේ මනස හඳුනාගැනීමට බණ්ඩාරනායක මැතිණිය මෙන් ම මහින්දත් සමත් වී තිබෙනවා.
2012 දී දහතුන නිෂේධ කිරීම සඳහා ගෙනෙන ලද කෙටුම්පත් පනත පරාජය කිරීමෙන් ශ්‍රී ල නි ප ඇමතිවරුන් මෙන් ම ජාතිකවාදී ඇමතිවරුන් ද කර ඇත්තේ ආනන්තරීය පාප කර්මයක්. අද ජාතික බලවේගයක් ගොඩනැගිය යුත්තේ ඒ කෙටුම්පත තවත් වර්ධනය කර නැවත ඉදිරිපත් කිරීමටත්, රණවිරුවන් ආරක්‍ෂා කිරීමටත්, රටේ ස්වෛරීභාවය ආරක්‍ෂා කිරීමටත්.
No comments:
Post a Comment