Tuesday, April 3, 2012

වින්ඩෝස් 7හි DVD ධාවකය දර්ශනය නොවීම නිවැරිදි කර ගන්නා ආකාරය - 1

සාමාන්‍යයෙන් DVD Drive එක හිස් නම බොහෝවිට එය පෙන්වන්නේ නැත.එහෙත් එහි ඩිස්කයක් ඇත නම එය පෙන්විය යුතුය.
වින්ඩෝස් හි එසේ නොවේ නම් වින්ඩෝස් රෙජිස්ට්‍රිය සංස්කරණය කල යුතු වේ.


කෙසේ නමුත් මෙම කටයුතු කිරීමට කලින් වින්ඩෝස් රෙජිස්ට්‍රිය වෙනස් කිරීමේදී කිසියම් වරදක් සිදුවුවහොත් තව දුරටත් මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වන බව මතක තබා ගත යුතු වේ.


එසේනම් මේ සදහා පළමුව ස්ටාට් මෙනුවේ සර්ච් ෆීල්ඩ් එකේ regedit යන්න ටයිප් කරන්න.එහි ප්‍රතිපල ලයිස්තුවේ ඇති regedit ඔප්ෂන් එක ක්ලික් කරන්න.මතුවෙන Registry Editor වින්ඩෝවේදී HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Control\Class ෆෝල්ඩර්ස් විවෘත කරන්න.මෙහි Class ෆෝල්ඩරයේ අඩංගු දෑ පෙන්වන දකුණු පස පැනලයේ ඇති Upper Filters සහ LowerFilters යන්න ඩිලීට් කර පරගණකය රීස්ටාට් කරන්න.එවිට DVD Drive එක එක්ස්පෝලර් තුල පෙන්විය යුතුය...

No comments:

Post a Comment