Tuesday, April 3, 2012

වින්ඩෝස් 7හි DVD ධාවකය දර්ශනය නොවීම නිවැරිදි කර ගන්නා ආකාරය - 2



මා කලින් post එකේ කිව්ව ආකාරයට සිදු නොවුනේනම්,එනම් තවමත් DVD Drive එක නොපෙන්වයි නම්, නැවතත් ස්ටාට් මෙනුවට ගොස් සර්ච් ෆීල්ඩ් එකෙහි Disk Management යන්න ටයිප් කරන්න.ස්ටාට් මෙනුවෙහි දැක්වෙන ප්‍රතිපල ලයිස්තුවේ Create and format hard disk partitions යන ඔප්ෂන් එක ක්ලික් කරන්න.

එවිට මතුවෙන Disk Management වින්ඩෝවේ DVD Drive එකට අදාළ අයිකනය රයිට් ක්ලික් කරන්න.ලැබෙන ඩ්‍රොප්ඩවුන් මෙනුවේ Change Drive Letter and Paths ඔප්ෂනය ක්ලික් කරන්න.දැන් Change Drive Letter and Paths for G: වින්ඩෝවේ Change... බොත්තම ක්ලික් කරන්න.ඊළගට මතුවෙන Change Drive Letter and Paths වින්ඩෝවේදී වෙනත් drive letter එකක් තෝරා OK කර පරිගණකය රීස්ටාට් කරන්න.

No comments:

Post a Comment